Online තොරණ බලන්න, අහන්න එන්න





මම ඉක්මනට පෝස්ට් දාන්නම් කිවුවට කියපු විදිහට පෝස්ට් දාන්න නම් බැරි වුනා.ඒකට සමාවෙන්න.

මේ වෙසක් කාලෙ නේ.ඒක හින්දා හැම තැනම් තොරණ්.ඒත් මේක ටිකක් වෙනස් තොරණක් මොකද මේක තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.කම්පියුටර් එකෙන් තමා බලන්න වෙන්නෙ.

මේ තොරණ හදලා තියෙන්නෙ HiruTV හා HiruFM එකතු වෙලා.මීට ඉස්සෙල්ලත් මේ වගේ තොරණ් තිබ්බට ඒවායෙ තිබ්බෙ රූප විතරයි.ඒත් මේකේ මුලු කතාවම ශ්‍රව්‍ය මාධ්‍යනුත් යනවා.ඒ කියන්නෙ අපිට තොරණ බලන ගමන් කතාව අහන්නත් පුලුවන්.

මුලින්ම තොරණට ගියාම කතාව ගැන හැදින්වේමක් යනවා.ඊට පස්සෙ එයාලා කියයි පලවෙනි පින්තූරෙ උඩ ක්ලික් කරන්න කියලා.එතකොට ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒ කොටසට අයිති කතාව ලස්සනට යනවා.

මෙන්න මෙතනින් යන්න තොරන බලන්න:- Click Here

ඇත්තටම හොදට තොරණ හදලා තියෙනවා.මේක හදපු HiruFM හා HiruTV එකට ගොඩක් ස්තූතියි කියන ගමන් මං මේ පෝස්ට් එක ඉඅවර කරනවා.ඉතින් ඔයාලත් මේ තොරන ගැන මෙතන කමෙන්ට් එකක් දාල යන්න.

මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ පාරක් දාන්න.ඒ වගේම ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.සයිඩ් බාර් එකේ ඇති ලයික් බට්න් එක.

එහෙනම් හැමෝටම සුභ වෙසගක් වේවා.

Reactions: 

ලෝකවාසී සෑම දෙනාටම සුභ වෙසගක් වේවා !!!

Image From Google
ලෝක වාසී සියලු සියලු දෙනාටම සුභ වෙසගක් වේවා.

Reactions: 

සැමදෙයක්ම බ්ලොග් අඩවිය අද ඉදන් ආයෙත්




මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා.

නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට අවුරුදු 2 ක් වෙනවා.නමුත් ඒකටවත් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා.

ඒ වගේම මම හිතනවා ඔයාලා Comment දාලා මාව දිරිමත් කරයි කියලා.මොකද මම මේ දේවල් ඔයාලට තිලින කරනවාට මට ලැබෙන එකම ත්‍යාගය තමා Comment කියන්නෙ.මොකද මට මේ දේවල් ලිවුවයි කියලා සල්ලිවත්,තෑගිවත් ලැබෙන්නෙ නෑ.

ඉතින් ඔයාලගෙ සහයෝගය තියෙනවනම් මම මේක දිගටම කරගෙන යනවා.

තව පොඩි උදවුවක් ඕනා.මම මෙක ගොඩක් කාලෙකින් Update  කරපු නැති හින්දා දැන් මේක සමහර සින්ඩි වලින් අයින් වෙලා ඇති.ඔයාලා කවුරු හරි සින්ඩියකින් ආවනම් ඒ සින්ඩියෙ නම කමෙන්ට් කරලා යන්න.ඒක ලොකු උදවුවක්.

එහෙනම් ලගදිම හමුවෙන බලාපොරොත්තුව මත මම සමුගන්නම්.ඔයාලට සුභ දවසක්.

Reactions: 

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!

Reactions: 

බ්ලොග් එකේ දාන ලිපි Auto ෆේස්බුක් පේජ් එකට වැටෙන්න හදාගමු


මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා බ්ලොග් එකේ දාන ලිපි ඔටෝම අපේ ෆේස්බුක් පේජ් එකට වැටෙන විදිහ කියලා දෙන්න කියලා.ඉතින් මම අද ඒක තමා කියලා දෙන්න යන්නෙ.හැබැයි ටිකක් පරක්කු වුණා කියලා දෙන්න.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මේකට ඔයාලාට ෆේස්බුක් පේජ් එකක් තියෙන්න ඕනා.ඒක හදාගන්න හැටි මෙතන ක්ලික් කරලා බලන්න.

අපි මේක කරන්නෙ RSS Graffiti කියන සේවාවෙ උදවුවෙන්.එහෙනම් මුලින්ම පහල ලින්ක් එක ක්ලික් කරලා එතනට යන්ඩකො.ෆේස්බුක් හරහා තමයි ඒකට යන්නෙ.ඒක නිසා සමහර විට මගදි එක එක ඒවා අහයි.ඒ වෙලාවට එතන තියෙන දම් පාට බට්න් ඔබන්න.

https://apps.facebook.com/rssgraffiti/

කොහොමින් හරි අන්තිමට ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්න ඕනා.





(මේ පෝස්ට් එකේ දාන හැම පින්තූරයක්ම ලොකු කරලා බලන්න ඕන නම් අවශ්‍ය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.)

දැන් ඒකෙ තියෙන Add New Publishing Plan කියන එක ක්ලික් කරන්න.උඩ රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන තමා.

එතකොට එතන වැටෙයි Name New Publishing Plan: කියලා.එතනට ඔයාලා කැමති නමක් දීලා ඉස්සරහින් තියෙන Create Publishing Plan කියන එක ක්ලික් කරන්න.

එතකොට මෙන්න මේ වගේ තැනක් එයි.





ඊට පස්සෙ ඒකෙ වම් පැත්තෙ තියෙන ADD NEW කියන එක ක්ලික් කරන්න.මම රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ එතන.

ඊට පස්සෙ එන බොක්ස් එකේ ඔයාලගෙ බ්ලොග් ඇඩ්‍රස් එක ටයිප් කරන්න.

ඊට පස්සෙ එතන තියෙන ADD SOURCE කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් එකක් ලැබේවි.








ඊට පස්සෙ ඒ බොක්ස් එකේ තියෙන මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

Update Frequency(කහ පාටින් රවුම් කරලා තියෙන තැන):- ඒ කියන්නෙ දවසට කී  සැරයක් බ්ලොග් එක චෙක් කරලා පේජ් එකට ලිපි දාන්නද කියලා.මමනම් ඒකට දැම්මෙ Four Times a Day කියලා.

Maximum Posts per Update(නිල් පාටින් රවුම් කරලා තියෙන තැන:- ඒ කියන්නෙ එක චෙක් කිරීමක දි අලුත් ලිපි කීයක් ෆේස්බුක් පේජ් එකටා දන්නද කියන එක.මමනම් 1 post කියලා තමා දැම්මෙ.

ඊට පස්සෙ එතන යට තියෙන Save  කියන බට්න් එක ක්ලික් කරන්න.

දැන් ආපහු පොඩ්ඩක් මම දාපු දෙවෙනි රූපෙ දිහා බලන්න.මම ඒකෙ දකුණු පැත්තෙ කහ පාටින් තැනක් රවුම් කරලා තියෙනවා නේද.අන්න එතන තියෙන ADD NEW කියන දැන් ක්ලික් කරන්න.

දැන් ඔයාලට මේ වගේ පේජ් එකක් එයි.






ඒ පින්තූරෙ මම තැනක් රවුම් කරලා තියෙනවා නේද රතු පාටින්.අන්න එතනින් ඔයාලගෙ පේජ් එක ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Save Changes කියන එක ක්ලික් කරන්න.

ඔයාලට මේ විදිහට අවශ්‍ය තරම් Source(ඒ කියන්නෙ බ්ලොග්,වෙබ් අඩවි වගේ ඒවා) එකතු කරන්න පුළුවන්. හැබැයි Targets(ඒ කියන්නෙ ෆේස්බුක් පේජ්,ෆේස්බුක් ගෲප් වගේ ඒවා) ඒකතු කරන්න පුළුවන් එකක් විතරයි.

දැන් ඔයාලට පේනවා නේද මැද්දෙන් තියෙනවා OFF කියලා වැටිලා.දැන් ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒක ON කියලා වෙනස් වෙනවා.ඔන්න දැන් වැඩේ ඉවරයි.


ඔතනම උඩ තියෙනවා නේද දම් පාට තීරුවක්.ඒකෙ දකුණු පැත්තෙ අයිනෙ තියෙනවා නේද පඩිපෙලක් වගේ ලකුණකුයි,කතිර ලකුණකුයි.ඒ ගැනත් කියන්නම්.

පඩිපෙල වගේ එක ක්ලික් කරලා පුළුවන් අපිට අන්තිම දවස් 7 වෙච්ච දේවල් ගැන තොරතුරු බලාගන්න.කතිරෙ ක්ලික් කරලා මුළු ඔක්කොම ඩිලීට් කරලා දාන්න පුළුවන්.එහෙම කලොත් මුල ඉඳන්ම ආයිත් කරන්න වෙනවා.


හරි එහෙනම් අපි වැඩේ කරලා ඉවරයි.දැන් ඉතින් තියෙන්නෙ ගිහින් බ්ලොග් එකට ලිපි දාන එක තමා.

මම මේ පෝස්ට් එක ලියන්න ගොඩාක් මහන්සි වුනා.ඉතින් මේකට කමෙන්ට් එකක්වත් දැම්මෙ නැත්නම් මට බ්ලොග් එක ලියෙන්න හිතෙන්නෙ ත් නෑනෙ.

ෆලෝ පාරක් දාලා,අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.ඔය දකුණු පැත්තෙ ඇති ලයික් කරන්න ගැජට් එක.

මේක ඔයාලට වැදගත් නම් යාළුවන් එක්ක බෙදාගන්න.දකුණු පැත්තෙ මුල්ලෙ ඇති Share කරන ගැජට් එක.

එහෙනම් අදට මම ගියා.ඉක්මනින්ම ආයිත් ලිපියක් දාන්නම්.

ප.ලි. :-මමයි තව යාළුවෙකුයි එකතු වෙලා මේ දවස්වල සාමූහික බ්ලොග් එකක් හදාගෙන යනවා.මේක හරියට හදාගත්තට පස්සෙ 100 දෙනෙක්ව රෙජිස්ටර් කර ගන්නවා බ්ලොග් එක ලියන්න.තාමනම් අපි දෙන්නා විතරයි ලිපි දාන්නෙ.ඉක්මනින්ම රෙජිස්ටර් වෙන පහසුකම අපි ලබාදෙනවා.ඒ බ්ලොග් එකේ Author කෙනෙක් වෙන්න ඒ කියන්නෙ ලිපි ලියන්නෙක් වෙන්න කැමති අය ඉන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාන්න.

මෙන්න ඒ බ්ලොග් එක.

techno-lanka.blogspot.com


Reactions: 

ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්)




අද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්.

මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා.

හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට පසු ආපු වර්ශන් එකක් ස්තාපනය කරලා තියෙන්න ඕනා.ඔයාගෙ කම්පියුටරේ එක නැත්නම් මේවා බලන්න හදද්දි ඒ ගැන කියයි.එතැනම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකකුත් දීලා තියෙයි.එතනින් ඔයාලට නොමිලේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

මේ හැම එකක්ම රූප සටහන් සහ ක්‍රියාකරන රූප මගින් හොඳින් පැහැදිලි කරලා තියෙනවා.මේ එකක්වත් වීඩියෝ නෙමෙයි.මේවා ඔක්කොම ෆ්ලෑශ් වලින් හදලා තියෙන්නෙ.ඒක හින්දා අඩු වේගයක් තියෙන අන්තර්ජාල සම්බන්ධතාවයකින් උනත් බලන්න පුලුවන්.ඕනනම් E-book(PDF) එකකුත් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතනින් ඕන රෝගය ‍තෝරගෙන ඊට ඉස්සරහින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.(මේක ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිලිවෙලට තියෙන නිසා හොයාගන්න ලේසියි.ඕනනම් Ctrl + F ගහලා අවශ්‍ය රෝගයේ නම ගහන්න.එතකොට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්)

එතකොට ඔයාලව වෙනම පේජ් එකකට යයි.ඒකෙ කො‍ටු තුනක් තියෙනවා.පලවෙනි දෙකේ තියෙන්නෙ මම කියපු විදිහට ෆ්ලෑශ් වලින් හදපු ඒවා.ඔය දෙකේ එතරම් වෙනසක් නෑ.පලවෙනි එකේ අපිට පි‍ටුවෙන් පි‍ටුව පෙරල පෙරල බලන්න පුලුවන්(පි‍ටුම නෙවේ.හරි නම slide).දෙවෙනි එකේ එහෙම බෑ.එක දිගටම යනවා.තුන්වෙනි කො‍ටුව ක්ලික් කරලා ඔයාලට E-book එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඔන්න එහෙනම් ලින්ක් ලැයිස්තුව.මේක වැදගත් දෙයක් නිසා කොපි කරලා ඕන තැනක දාන්න.හැබැයි යටින් මේ ලිපියෙ ලින්ක් එකක් දානවනම් මම කැමතියි.එහෙනම් ඉතින් මේක වටිනවනම් කමෙන්ට් එකක් ෆලෝ එකක් දාලා යන්න.අපේ ෆේස්බුක් පි‍ටුවෙ දැනට 220 ක් විතර ඉන්නවා.ඔයාලත් එකතුවෙන්න.එතකොට මට හම්බවෙන වටිනා දේවල් ඒ පේජ් එක හරහා ඔයාලටත් බලන්න පුලුවන්.එහෙනම් අදට මම ගියා.



·  Diseases and Conditions
COPD <http://www.nlm.nih.gov/medlineplus/tutorials/copd/htm/index.htm(Chronic Obstructive Pulmonary Disease)
Gastroesophageal Reflux Disease <http://www.nlm.nih.gov/medlineplus/tutorials/gerd/htm/index.htm>(GERD)
Tests and Diagnostic Procedures
Surgery and Treatment Procedures
·  Cholecystectomy - Open Laparoscopic <http://www.nlm.nih.gov/medlineplus/tutorials/cholecystectomyopenandlaparoscopic/htm/index.htm(Gallbladder Removal Surgery)
·  Prevention and Wellness

Reactions: 

ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට බැනර් එකක් හදාගමු


ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.
අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.

මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.

ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.
මම හිතන්න පින්තූරෙ සයිස් එක 240 x 240 px වගේ තිබ්බොත් තමා හොඳ.කොහොම හරි පින්තූරෙ හදලා සේව් කරගන්නකෝ.

ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න

http://imageshack.us

ගිහින් ඕකට ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න.(දකුනු පැත්තෙ උඩ ඇති Sign Up කියලා එකක්.ඒ හරහා යන්න)

ඊට පස්සෙ ඔයාලගෙ එකවුන්ට් එකට ඇතුල් වෙන්න.ඊට පස්සෙ එතන තියෙන Browse කියන එක ක්ලික් කරලා ඔයාලා හදපු පිංතූරෙ ‍තෝරලා දෙන්න.ඊට පස්සෙ යට තියෙන Upload කියන එක ක්ලික් කරන්න.ටික වෙලාවකින් ඔයාලව වෙනම පේජ් එකකට යයි.

ඒකෙ ඩිරෙක්ට් ලින්ක් ඉදිරියෙන් තියෙන ටෙක්ස්ට් එක මම පහල දීලා තියෙන කෝඩ් එකේ රතු පාටට යොදලා තියෙන කොටස වෙනුවට පාවිච්චි කරන්න.
නිල් පාට තැනට බැනර් එක ක්ලික් කරාම යන්න ඕනා වෙබ් ඇඩ්‍රස්(URL) එක දෙන්න.

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="http://3.bp.blogspot.com/-lgUugJxI28g/TnCbSi2_s9I/AAAAAAAAAMU/7_eYhFv_SF4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>

ඔයාලා මම කියපු විදිහට නිවැරදිව ආදේශ කලා නම් අදේශ කලාම හැදිච්ච කෝඩ් එක තමා ඔයාගෙ බැනර් එකේ HTML කෝඩ් එක.

අපි බලමු ඒ බැනර් එක Blogger බ්ලොග් එකකට දාගන්න හැටි.

මුලින්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වෙලා Layout වෙත යන්න.ඒකෙ Add a gadget වලට ගියාම එන බොක්ස් එකේ තියෙන HTML/JavaScript කියන එකට යන්න.ඒකෙ තියෙන ලොකු හිස් කො‍ටුවට ඔයා අදේශ කරගෙන හදාගත්ත බැනර් එකේ HTML කෝඩ් එක දාලා සේව් කරගන්න.ඊට පස්සෙ ඒක අවශ්‍ය තැනකින් තියලා සකස් කරලා උඩ තියෙන Save arrangement කියන එක ක්ලික් කරන්න.

දැන් ඒක බ්ලොග් එකට වැටිලා තියේවි.

මේ කෝඩ් බ්ලොග් කරන යාළුවන්ට දීලා තමන්ගෙ බ්ලොග් එකට වැඩියෙන් කට්ටිය ගෙන්වාගන්න පුලුවන්.

එහෙනම් ප්‍රශ්නයක් වුනොත් කමෙන්ට් එකක් දාන්න.ප්‍රශ්නයක් නොවුනත් කමෙන්ට් එකක් දන්න.අපේ ෆේස් බුක් පේජ් එකටත් එකතු වෙන්න.

www.facebook.com/samadeyakma

එහෙනම් ආයිත් ලිපියකින් හමුවෙමු.

Reactions: 
Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This